රටේ මූල්‍ය අර්බුදයක් තිබෙනවා-ඇමති පාඨලි

0
537

අද වනවිට රට තුළ මූල්‍ය අර්බුදයක් තිබෙන බවත්, එහි පියවරු යහපාලන ආණ්ඩුවම නොවන බවත්, මහ නගර සභා, බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.ණය සහ පොලීය ගෙවීමට ආණ්ඩුවේ ආදායම් ප්‍රමාණවත් නොවන බැවින් එදිනෙදා දෛනික වියදම් පියවීමට සහ රාජ්‍ය ආයෝජනයන් සිදුකිරීම සඳහා ණය ලබාගැනීමට සිදුවන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

හෙතෙම මේ බව පැවසුවේ, අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා විසින් රචිත ‘ප්‍රවේශමෙන් මූල්‍ය අගාධයක් ඉදිරියෙනි’ නම් නවතම කෘතිය එළිදැක්වීමේ උත්සවය අද (20දා) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති අවස්ථාවේදීය.මෙම උත්සවයේ තිබූ විශේෂත්වය වූයේ ඩ්‍රෝනා කැමරා භාවිත කරමින් ඇමතිවරයාට පොත පිළිගැන්වීමට කටයුතු යොදා තිබීමයි.

මේ සඳහා ඩ්‍රෝනා කැමරා ත්‍රිත්වයක් යොදාගැනීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි. යහපාලන විප්ලවය, ජාතික ගිණුම් සංකල්පය, අය-ණය හා වැය, කළයුත්තේ කුමක්ද? යන පරිච්ඡේද හතර පමණක් නව කෘතියට ඇතුළත් කිරීමට රණවක මහතාගේ අවධානය යොමුව තිබේ.

එළිදැක්වීමේ උත්සවයේ මූල්‍ය දේශනය පවත්වන ලද්දේ වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ‍ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමින්ද මෙත්සිල මහතා විසිනි.මෙම අවස්ථාවට ප්‍රා‘දේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here