Tuesday, May 7, 2024

වෛද්‍යවරුන්ගේ දරුවන් 300 කට තවමත් පාසල් ලැබී නැහැ -22 වැනිදා විරෝධතා ව්‍යාපාරයක්

විදේශ පුහුණුව නිමකර ලංකාවට පැමිණ සිටින සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන් 300 කට තවමත් පාසල් ලැබී නොමැති නිසා 22 වැනිදාට වෛද්‍යවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටට කැඳවා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ස්ථාන මාරුවීම් ක්‍රම‘වේදයට අනුව වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීමේ ප්‍රතිපත්තියක් තිබුණද මෙම වෛද්‍යවරුන්ගේ දරුවන්ට එම වරප්‍රසාදය ලබාදී නැතැයිද එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

මේ නිසා අදාළ ගැටලුව විසඳා ගැනීම සඳහා මුල් ක්‍රියාමාර්ගය ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී 22 වැනිදා විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද ඒ මහතා අවධාරණය කළේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles