Sunday, January 19, 2025

රටේ විපක්ෂනායකට පොලිසියකට යන්න පවා අවසරයක් නෑ! වරප්‍රසාද පවා අභියෝගයට?

විරෝධතාවල නිරතවී සිටියදී ඊයේ (04) පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සුවදුක් විමසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පෙරවරුවේ කොළඹ වරාය පොලිස් ස්ථානය වෙත පැමිණ තිබුණි.

නමුත් ඔහුට ඒ සඳහා අවසර හිමි වුයේ නැත.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ,

“මගේ කාලය කන්නේ නැතුව පොඩ්ඩක් කතා කරන්න දෙන්න. මගේ අයිතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙලා තියෙන්නේ. මගේ වරප්‍රසාද කඩවීම ගැන පාර්ලිමේන්තුවේදි කතා කරනවා. පොලීසියට ගිහින් මට මේ ගුරුවරුන්ගේ දුකසැප හොයලා බලන්න බැරිනම් රටේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක් ද?”

ගුරු- විදුහල්පති වෘත්තිය සමිති ඊයේ පස්වරුවේ රථ පෙළපාලියකින් කොළඹට පැමිණි අතර ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්වී උද්ඝෝෂණයක නිරත වුණි.

එහිදී විවිධ චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයින් 44 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

පොලීසිය සඳහන් කළේ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින්වීම, ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම, නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම එම අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව එල්ලවී ඇති චෝදනා බවය.

මෙම 44 දෙනාට ගුරුවරුන් 22ක් ගුරුවරියන් 16ක් සහ වෙනත් පුද්ගලයින් 6 දෙනෙකු ඇතුළත්ය. 

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles