රටේ ශ්‍රම බලකාය තාක්ෂණයෙන් සවිබල ගැන්විය යුතුයි – ඇමැති නාමල්

0
274

රටේ ශ්‍රම බලකාය තාක්ෂණය මුසු වූ බහුවිධ කුසලතාවයෙන් සවිබල ගැන්විය යුතු යයි තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

විරැකියාව අවම කර රැකියා නියුක්තිය වැඩි කිරීම සඳහාත් ඒ හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන ‘‘රටට බරක් නොවී  – ඔබට සරු හෙටක්‘‘ වෘත්තීය මාර්ගෝපදේශන සතිය අරඹමින් පසුගියදා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති ආරම්භක වැඩසටහනේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here