Sunday, May 19, 2024

වඩා වැදගත් වන්නේ මාධ්‍යවේදීන්ට නොබෙල් සාම සම්මානය ලැබීම නොව, මාධ්‍යවේදයට නොබෙල් සාම සම්මානය ලැබීමයි!

‘‘නිදහස් මාධ්‍ය සඳහා වන අයිතිය නැවතත් සහතික කරමු. ජනමාධ්‍යවේදීන්ගේ මූලික කාර්යභාරය පිළිගනිමු. නිදහස්, ස්වාධීන සහ විවිධත්වයෙන් යුතු මාධ්‍යයක් සඳහා සෑම මට්ටමකින්ම උත්සාහ කිරීම සවිගන්වමු..‘‘මේ, සෑම ජනමාධ්‍ය දිනයකදීම යම් රටක මාධ්‍ය සංවිධාන විසින් නොකඩවා මුරගාන සාමාන්‍ය සටන්පාඨයක් ලෙස එකවරම පෙනී යන, නමුත් එසේ නොවන තනි පුද්ගල ප්‍රකාශයකි. මේ, ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස්, මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගත් මාධ්‍යවේදීන් දෙපළට සුබ පැතුම් එක් කළ ආකාරයයි.

“Let us reaffirm the right to press freedom, recognise the fundamental role of journalists and reinforce efforts at every level to support a free, independent and diverse media,”
– UN Secretary-General Antonio Guterres

‍2021 නොබෙල් සාම ත්‍යාගය (2021 Nobel Peace Prize) හිමි කර ගත්තේ පිලිපීනයේ සහ රුසියාවේ මාධ්‍යවේදීන් දෙපළක විසිනි. ඒ පිලිපීනයේ සම්මානනීය මාධ්‍ය වේදිනියක වන මරිසා රීසා සහ රුසියානු මාධ්‍යවේදී දිමිත්‍රි මුරතොව් විසිනි. මේ වන විට අන්තෝනියෝ ගුටරෙස්ගේ පටන්, කුඩා ප්‍රවෘත්ති මැදිරිවල මාධ්‍ය වේදීන් දක්වා ලෝක ප්‍රවණතා පිළිබඳ උනන්දුවක් දක්වන අය ඔවුන්ට සිතින් හෝ සුබ පතමින් සිටිති.

Reporters Without Borders අන්තර්ජාතික මාධ්‍ය සංවිධානය මෙම පුවතට ප්‍රතිචාර දැක්වීම ‘ප්‍රමෝදයෙන් යුතුව සහ කඩිනමින්‘ කළ යුතු දෙයක් ලෙසට සැලකුවේ ඒ නිසා ය. ඔවුහු මෙසේ කියති.

‘‘ප්‍රමෝදය නම්, මෙය මාධ්‍යකරණය සඳහා සහ, තොරතුරු අයිතිය රැක ගැනීම සඳහා අවදානම් ගන්නා ලොව පුරා සියලු තැන්හි මාධ්‍යවේදීන්ට ලැබුණු අසාමාන්‍ය උපහාරයක් වීමයි.‘‘

“Joy because this is an extraordinary tribute to journalism, an excellent tribute to all journalists who take risks everywhere around the world to defend the right to information,”
– RSF Director Christophe Deloire

RSF යන කෙටි ප්‍රංශ නමින් හඳුන්වන Reporters Without Borders, මෙම මාධ්‍යවේදීන් දෙදෙනා සමගම ඒ රටවල් තුළ වැඩ කටයුතු කර ඇති සංවිධානයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles