Sunday, January 12, 2025

රට පුරා විදුලිය බිඳ වැටුණේ ඇයි ?

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ ලේකමි රංජන් ජයලාල් මහතා පළ කරන්නේ මෙවන් අදහසක්…

“මෙික ස්වභාවික බිඳවැටීමක්.නොරොච්චෝලේ මැෂින් දෙකක් ඔෆ් වෙලා තියෙනවා. නොරොච්චෝලේ මොගවොට් 300 මැෂින් තුනක් තියෙනවා. තුනෙන් එකක නඩත්තු කඩයුතු සඳහා නවත්වලා තිබ්බේ. මැෂින් දෙකක් ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වීමත් සමග, විදුලිය බිඳ වැටිමක් සිදු වුණා. ඒ එක්කම අපිට තියෙන තොරතුරු අනුව සපුගස්කන්දෙ දුවමින් තිබූ මැෂීන් ස්වයංක්‍රීයව පද්ධතියෙන් ඉවත් වෙලා තියෙනවා”

මෙි අතර දිවයින පුරා විදුලිය ඇනහිටීම කඩාකප්පල්කාරී ක්‍රියාවල ප්‍රතිඵලයක් නොව ස්වභාවික සිදුවීම්වල ප්‍රතිඵලයක් බව ලංකා විදුලිබල මණ්ඩල සේවක සංගමය පවසයි.

නොරොච්චෝලේ බලාගාරයේ ගල් අඟුරු බලාගාර දෙකක් අඩපණ වී ඇති අතර විදුලි උත්පාදන සියල්ල ඇණහිට ඇති බව ඔවුහු පැවසූහ.

කෙසේ වෙතත්, එක් ගල් අඟුරු බලාගාරයක් අලුත්වැඩියා වෙමින් පවතී.

“සපුගස්කන්ද විදුලි ජනන යන්ත්‍ර ද ක්‍රියා විරහිත කර ඇත. විදුලිබල මණ්ඩලයේ ඉන්ධන සංගමය විසින් තත්ත්වය පාලනය කරයි.” ඔවුන් පැවසීය.

ඒ හේතුවෙන් දිවයිනේ සමස්ත විදුලි සැපයුම් පද්ධතියම ඇණහිට ඇති බවත්, මේ වනවිට දිවයිනේ සමස්ත විදුලි ජනන පද්ධතියම ක්‍රියාත්මක නොවන බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles