Friday, May 17, 2024

ඔබ දැනුවත් විය යුතු ගෑස් අනතුරු වළක්වා ගැනීමට ක්ෂණිකව ගතයුතු පියවරයන්

ගෑස් අනතුරු වළක්වා ගැනීමට ක්ෂණිකව ගතයුතු පියවර ගැන ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබේ.

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් එම දැනුම්දීම සිදුකර ඇත.

එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා පෙන්වා දෙන්නේ ‘පළමුව ආරක්ෂාව’ යටතේ එම පියවර ගතයුතු බවය.

ඉන් පෙන්වා දෙන්නේ ගෑස් සම්බන්ධ යම් අනතුරක් නිරීක්ෂණය වන්නේ නම් හෝ සිදුවුවහොත් ගෑස් අලෙවි නියෝජිතයාට, ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති කමිටුවට ඒ බව දැනුම්දෙන ලෙසය.

එම කමිටුවේ දුරකථන අංක වන්නේ,
0115 811 927
0115 811 929 

සිදුවන අනතුරු අවම කිරීමේ ක්ෂණික පියවරක් ලෙස ඔබගේ ගෑස් සිලින්ඩරයට භාවිත කරන රෙගියුලේටරය, ගෑස් සැපයුම් නළය නිසි ප්‍රමිතියකින් හා ගෑස් ලිප නිසි ක්‍රියාකාරිත්වයකින් යුතු උපාංගවලින් සමන්විත බවට තහවුරු කරගන්නා ලෙසද දැනුම් දී තිබේ.

ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව වාර්තා වන සිදුවීම් සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමේදී ගාස සිලින්ඩරයක පිපිරිමක් වාර්ථා වී නොමැති බැවින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා ගත යුතු ක්ෂණික පියවරයන් කිහිපයක් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම දිරාපත්වූ ගෑස් උඩුන් භාවිතයෙන් වලකින ලෙසයි මහජනතාවට දැනුම් දී සිටින්නේ.

එම සම්පූර්ණ වාර්තාව පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles