රට වැටෙන්න හේතු වූ කාරණා දෙක ගැන ගවනර්ගේ අදහස…

0
331

රට බංකොලොත්වීමට හේතුවූ ප්‍රධාන හේතු 02 පිළිබඳව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (16) අනාවරණය කළේය.

රටේ ආර්ථිකය කඩා වැටීමට බලපා ඇත්තේ දේශපාලඥයින්ට මහ බැංකුවට බලපෑම් කිරීමට අවස්ථාව හිමිවීම හේතුවෙන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව, නිවැරදි තීරණය වෙනුවට ජනප්‍රිය තීරණ ක්‍රියාවට නැංවීමට පසුගිය කාලයේ දේශපාලඥයින් මහ බැංකුවට බලපෑම් කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ පැහැදිලි කිරීම වෙනුවෙන් අද පැවැති දේශනයකදී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

“අලුත් පනත යටතේ ප්‍රධාන අරමුණක් වෙන්නේ මුදල් පාලනය.. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ ඒ වෙනුවෙන්. 

බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන, ඒජන්සි කළමනාකරණය සඳහා පාලක මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා.”

“2020 වසරේ සිට මහ බැංකුවේ මත වෙනසක් තිබුණා. පොලී අනුපාතය සහ විනිමය අනුපාතය පාලනය නොකර එකම අගයක තියාගමු කියලා කිව්වා. ඒකෙන් වුණේ අත්දෙක ගැටගැහුවා වගේ දෙයක්.” 

“මේක තමයි දේශීය සහ විදේශීයව ඉල්ලුම පාලනය කරන්න මහ බැංකුවට තිබෙන උපකරණ දෙක.”

“මේ දෙක පාලනය කරන්නේ නැතුව ආර්ථික වර්ධන වේගය ස්ථාවර කරන්න බැහැ.” 

“ඒ නිසා 5%ට පොලී අනුපාතය අඩු වෙනකොට හැමෝම අඩු පොලියට ණය අරගෙන අද හිරවෙලා ඉන්නවා.”

“විනිමය අනුපාතය 203ට තියෙගෙන හිටපු නිසා අද අපේ සංචිත ඔක්කොම නැති කරලා රට බංකොලොත් බවට ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. ඒකෙ ප්‍රතිඵල මේ.”

“මේක වෙනස් කළ යුත්තේ ඇයි කියන එකට මේක හොඳම සාධකයක්.” 

“මේ රටේ ලොකුම ණයකරු එක්කො රජය.. නැත්තම් රජය සතු සංස්ථා.” 

“රටේ ණය ගන්න අය වැඩියි ඉතුරු කරන අයට වැඩිය.”

“විදේශ විනිමය වියදම් කරන අය වැඩියි.. උපයන අයට වැඩිය.”

“ජනමත විචාරණයක් තිබ්බොත් බහුතරය කියන්නේ විනිමය අනුපාතය 203 තියාගන්න කියලා. හැබැයි මහ බැංකුව ගන්නේ ජනප්‍රිය තීරණ නෙමෙයි..හරි තීරණය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here