රට වැහුවට මිනිස්සු පාරේ

0
280

තමන් ඉල්ලා සිටි විද්‍යාත්මක රට වසා දැමීම වෙනුවට රජය ලබාදී ඇත්තේ දේශපාලනික රට වසා දැමීමක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

සිදුකර ඇත්තේ ලොක්ඩවුන් කිරීමක් නොව ලොක්ඩවුන් රැල්ලක් ඇති කිරීම බවට ආණ්ඩුවේම ඇතැම් පිරිස් විසින් සිදුකර ඇති ප්‍රකාශ මගින් එය මනාවට තහවුරු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙවර රට වසා දැමීම ගියවර සංචරණ සීමා පැණවීම හා සමාන වන බවට ඔවුන් චෝදනා කරනවා.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මෙම අදහස් පළ කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here