රට විවෘත කිරීමත් සමග දිවයිනට විදෙස් සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

0
292

පසුගිය සතියේදී විදෙස් සංචාරකයින් 9,545 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ එම සංචාරකයින්ගෙන් 3,107 දෙනෙකු ඉන්දියානුවන් වන අතර, රුසියානුවන් 774 ක්, බ්‍රිතාන්‍යයෙන් 764 ක් මෙන්ම ජර්මනිය, පාකිස්තානය, මාලදිවයින, ප්‍රංශය, කැනඩාව, ඇමරිකාව හා ස්විට්සර්ලන්තය යන රටවලින් සංචාරකයින් විශාල පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි.

රට විවෘත කිරීමත් සමඟ සංචාරකයින්ගේ පැමිණීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here