Sunday, May 19, 2024

වසර 24 කට පසු ඔිස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයට පැමිණේ

ඔිස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වසර 24කට පසු පකිස්තාන තරඟ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 තරඟ වලින් සමන්විත පූර්ණ තරගාවලියක් ලබන මාර්තු මාසයේදී පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතයි.

පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් විසින් තරග පැවැත්වීමට තීරණය කර ඇත්තේ කරච්චි, රාවල්පිණ්ඩි සහ ලාහෝර් යන නගරවලදීයි.

මාර්ක් ටේලර්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් 1998 වසරේදී පකිස්තානයේ සංචාරය කිරීමෙන් පසු මේ දක්වා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමක් පකිස්ථානයේ තරග සංචාරයකට සහභාගී වී නොමැති බව සඳහන්.

පාකිස්තානයේ ආරක්ෂාව තර නොවීම මීට හේතුව ලෙස ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙනවා.

පකිස්තාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ තරඟ සංචාර සඳහා පැමිණ ඇතත් පකිස්ථානය සත්කාරකත්වය දැරූ සෑම තරගාවලියක්ම පවත්වා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීම විශේෂත්වයක්.

2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දීර්ඝ කාලයක් එරටදී කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් පාකිස්ථානය තුළදී නොපැවිත්විණ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles