රට ස්ථාවර වෙමින් පවතියි – මහබැංකු අධිපති

0
464

ඉකුත් කාලයේ ගත් තීරණ හමුවේ රට මේ වනවිට ස්ථාවර වෙමින් ඇතැයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහබැංකු අධිපතිවරයා පැවසුවේ උද්ධමනය සියයට 70ක් දක්වා ඉහල යා හැකි බවට අපේක්ෂා කළද ගත් තීරණ හමුවේ එය ඉහල නොගිය බවත් ඉදිරියේදී උද්ධමනය තවත් පහල යනු ඇති බවයි. 

ඉදිරියේදී රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. බැංකු ක්‍රමයට බාහිරව මෙරටට මුදල් ලැබීමේ අඩුවීමක්ද දක්නට ලැබෙන බවයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සදහන් කළේ. එමෙන්ම ඉන්ධන මිලදී ගැනීම් සඳහා ප්‍රමාණවත් විනිමය ශ්‍රී ලංකාව සතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here