Tuesday, January 14, 2025

රථවාහන වැරදිකරුවන්ගේ නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය නුදුරේදීම

මහමාර්ගයේ අනාරක්ෂිත අයුරින් කටයුතු කරන රථවාහන වැරදිකරුවන්ගේ නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය නුදුරේදීම ශ්‍රී ලංකාවේත් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි අවධියේ එතුමාගේ සංකල්පයකට අනුව වර්ෂ 2010 දී මෙම කොට්ඨාශය ආරම්භ කරන ලදි.

ඒ අනුව කොළඹ නගරය ආවරණය වන පරිදි මංසන්ධි 33ක් නිරීක්ෂණය වන සමීප රූප ආවේක්ෂණ කොට්ඨාශය පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ගේ නිරීක්ෂණයට ලක් කෙරුණා.

කොළඹ නගරය ආවරණය වන පරිදි මංසන්ධි තිස්තුනක් නිරීක්ෂණය වන සමීප රූප ආවේක්ෂණ කොට්ඨාශය පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වු අතර එහිදීයි මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇත්තේ.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්වී අදාල වැරදිකරුවන්ගේ නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය නුදුරේදීම සිදු කිරීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය දන්වා තිබේ.

රථ වාහන වැරදි සම්බන්ධයෙන් නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය විසින් සැලසුම් කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කලේ මොටර් රථ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් රථ වාහන වැරදි සම්බන්ධයෙන් නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, මොටර් රථ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවය. කොළඹ නගරය ආවරණය වන පරිදි මංසන්ධි 33ක සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් නිරීක්ෂණය කිරීම සිදුකරනු ලබයි.

ජනතාව සහ දේපළවල ආරක්ෂාව ප්‍රධාන තේමාව කරගත් මෙම කොට්ඨාසය මඟින් අපරාධයක් සිදුවීමට ඇති හැකියාව නැති කිරීම, අපරාධයක් නිරික්ෂණය කර පියවර ගැනීම, අපරාධයක විමර්ශන කටයුතු සඳහා සහභාගි වීම වැනි කටයුතු එම ඒකකය මඟින් සිදුකරනු ලබන අතර රථ වාහන වැරදි නිරීක්ෂණය කිරීම ද මෙ මඟින් සිදුකෙරේ.

ඒ අනුව දැනට පවතින තාක්ෂණය යටතේ රථ වාහන වැරදිකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ කටයුතු මන්දගාමී ස්වරූපයක් ඉසිලූ අතර එම තත්වය මග හරවා ගැනීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්වී අදාල වැරදිකරුවන්ගේ නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය නුදුරේදීම සිදු කිරීමට නියමිත බවයි පැවසෙන්නේ

මෙම අවස්ථාව සදහා සමීප රූප ආවේක්ෂණ කොට්ටාශයේ නියෝජ්‍ය පොලිස්පති තුෂාර ගම්ලත් මහතා ද සහභාගි විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles