රන්ජන්ගේ නිදහස් කිරීමේ ලිපියට අත්සන් තැබේ…!

0
497

ජනකාන්ත රංගන ශිල්පී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරිමේ ලිපියට ජනාධිපතිතුමාගේ අනුමැතියට යටත්ව තමා අත්සන් කළ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

ඔහු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත සිරගත කර තිබුණි. ගෝඨභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමයේද නිදහස පතා විපක්ෂය ඉල්ලීම් කළ ද කිසිවක් ක්‍රියාත්මක නොවීය.

නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට පූර්ණ ජනාධිපති සමාව අධිකරණයෙන් සමාව ඉල්ලීමේ කොන්දේසිය මත ප්‍රදානය කර ඇත. සමාව ඉල්ලීමට අදාල දිව්රුම් ප්‍රකාශය ඊයේ රන්ජන් රාමනායක මහතා විසින් ලබා දෙනු ලැබීය.

අද දින හෝ සඳුදා දින ඔහුට නිවෙසට යාමේ අවස්ථාව ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here