Friday, April 26, 2024

දිනිත් එයි… මිලින්දත් හැලේ!

රජයේ ප්‍රවෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න පත්කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත්කල අමාත්‍ය මණ්ඩල

සංදේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මේවනවිට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක අගෝස්තු 31දා විශ්‍රාම ගැනීමට නියමිතය.

ඒ අනුව, සැප්තැම්බර් මස 01 දා සිට දිනිත් චින්තක සිය තනතුරේ වැඩබාර ගැනීමට නියමිත බව පැවසේ.

ප්‍රවීන මාධ්‍යවේදියකු වන දිනිත් චින්තක කරුණාරත්න ‘ලංකාදීප’ පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකයෙකි.

ඔහු ජනාධිපතිවරයාගේ මාධ්‍ය උපදේශක‍යෙක් ලෙස මීට පෙර කටයුතු කර තිබේ.

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන මිලින්ද රාජපක්ෂ එම තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවයි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles