රනිල්ට – රංගේට වාරණයක්

0
343

මැදදුම්බර ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර මංගල උදිත කුමාර මහතා ඇතුළු මන්තී‍්‍රවරුන් 19 දෙනකු වෙනුවට වෙනත් පිරිසක් නම් කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (22 දා) එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ හා එම පක්‍ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට වාරණ නියෝගයක් නිකුත් කළේය.

සමගි ජනබලවේගය පක්‍ෂයට පසුගිය මැතිවරණවලදී සහය දැක්වූයේ යැයි චෝදනා කරමින් තමන් ඇතුළු පිරිසකගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කර පක්‍ෂයෙන් නෙරපා දැමීමට පියවර ගෙන ඇති බව කියමින් මංගල උදිත කුමාර ඇතුළු 19 දෙනකු ගොනුකර තිබූ පැමිණිලි සලකා බැලූ දිසා විනිසුරුවරයා ලබන 6 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි එම නියෝගය නිකුත් කළේය. එදිනට අධිකරණය හමුවේ පෙනී සිට එම පැමිණිලි සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතිසි යැවීමට ද දිසා විනිසුරුවරයා එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

පුත්තලම, කොත්මලේ, උඩවලව හා කඩුගන්නාව ඇතුළු පළාත් පාලන ආයතන නියෝජනය කළ එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන් පිරිසක් එලෙස අධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here