Sunday, May 19, 2024

පොදු රාජ්‍ය මණ්ඩලයීය හා ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලි එකක් වෙයි – ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 20ක්

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය සහ ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලිය එකම තරගාවලියක් ලෙස පවත්වා වෙන් වෙන්ව ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් නම් කිරීමට ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය පියවර ගෙන තිබේ.

ඒ අනුව සංවිධානය කර ඇති මෙවර ලෝක ශූරතාවලිය මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයීය ශූරතාවලිය එළඹෙන දෙසැම්බර් මස 07 දින සිට 17 දින දක්වා උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් අග නගරයේ දී පැවැත්වේ.

ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති නවතම බර පන්ති අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියක් ක‍්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය වේ.

2019 වසරේ සැප්තැම්බර් මස 18 සිට 27 දින දක්වා තායිලන්තයේ පතායා නගරයේදී පවත්වන ලද ලෝක ශූරතා තරගාවලිය සහ පසුගිය ජූලි – අගෝස්තු කාලසීමාවේ ජපානයේ ටෝකියෝ අගනුවරදී පවත්වන ලද 32 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නව බර පන්ති අනුව ක‍්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය පියවර ගෙන තිබුණි.

ඒ අනුව ක‍්‍රියාත්මක කෙරෙන මෙවර තරග මාලාවන් සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 20 දෙනකු සහභාගි කර වීමට ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය කටයුතු කර ගෙන යයි. ඒ ක‍්‍රීඩකයින් 10 දෙනෙකු සහ ක‍්‍රීඩිකාවන් 10 දෙනකු ලෙසිනි

Divaina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles