Friday, September 20, 2024

රනිල් පක්ෂ නායක සමුළුවක් ඉල්ලයි..

කොරෝනා මර්දනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින් කැඳවා දැනුවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අද ඉල්ලීමක් කළා.

ඒ, මාධ්‍ය වෙත විඩියෝවක් නිකුත් කරමින්. මේ මොහොතේ පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වීමද සුදුසු නොවන බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

සිය යෝජනාව සම්බන්ධයෙන් සෙසු පක්ෂ නායකයින් ද සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ඇති බවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles