Tuesday, September 24, 2024

රමේෂ් සෞඛ්‍ය ඇමති පුටුවට පයින් ගසයි – කෙහෙළියව තෝරාගත් හේතුව

පසුගිය දා කැබිනට් සංශෝධනයේ දී රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ නම සෞඛ්‍ය අමාත්‍ය ධූරයට යෝජනා වී තිබුණ ද ඔහු ඊට එතරම් කැමැත්තක් නොදැක්වූ බව වාර්තා වනවා.

ඔහු විවිධ පාර්ශ්ව හරහා එය ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ඒත්තු ගන්වන්නට කටයුතු කර තිබෙනවා.

මීළඟට සෞඛ්‍ය අමාත්‍ය ධූරයට යෝජනා වූයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නමයි. පෙරදී සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරා ඇති පළපුරුදු ප්‍රවීණයකු වූයෙන් ඔහු සම්බන්ධව ප්‍රසාදයක් බොහෝ දෙනෙකුට ඇතිව තිබුණ ද දැනට බාරදී ඇති අමාත්‍යාංශය ඉතා හොඳින් හසුරවමින් සිටින නිසාවෙන් ඔහු මීට ඈඳා ගැනීම නුසුදුසු බවයි රජයේ ප්‍රධානීන්ගේ තීරණය වී ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නම අවසානයේ දී යෝජනා වී ඇත්තේ කරුණු කාරණා පැහැදිලි කරමින් නිරවුල්ව කතා කිරීමට ඇති හැකියාවත් අමාත්‍යවරයකු ලෙස ඔහු සතුව ඇති පළපුරුද්දත් යන හේතු බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

True News.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles