රයන් ඉදිරියට දමා වර්ජනයකට යෑම සුදුසු නෑ

0
819
රයන් ජයලත් ශිෂ්‍යයාගේ ප්‍රශ්නය ඉදිරියට දමා වෛද්‍ය වැඩ වර්ජන කිරීමට යාම දේශපාලන කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

අද(24) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එම ශිෂ්‍යයාට එරෙහිව අධිකරණ කටයුතු රාශියක් ඇති බවට පොලීසිය සඳහන් කර තිබියදීත්, එම ශිෂ්‍යයාගේ ප්‍රශ්නය ඉදිරියට දමා වෛද්‍ය සංගමය වැඩවර්ජන ක්‍රියා සිදුකිරීමට යන බවද ඔහු පවසා සිටියේය.

එය සුදුසු ක්‍රියාවක් නොවන බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම වර්තමාන ආණ්ඩුව කිසිවිටෙකත් මර්දනය කිරීමට නොයන බවද අද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර එම අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක  මහතා කියා සිටියේ රණවිරුවන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යන විට ඊට අණදුන් පුද්ගලයින් කළබලයට පත්වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here