Monday, May 6, 2024

නීතියට පිටින් ඡන්දය කල්දැමීමක් කවදාවත් කරන්නේ නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් ආරක්ෂා කරන පක්ෂයක් බවත්,  කවදාවත් නීතියට පටහැනිව ඡන්දය කල් දැමීමක් නොකරන බවත්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

මේ පිළිබද අවබෝධයක් නොමැති පිරිස්  මොන දේ කිව්වත් පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය පනත් සම්මත වූ වහාම රජය ඡන්දය පවත්වන බවත්, මෙය තමන් එකිනෙකා ජනප්‍රිය  වෙන මාතෘකාවක් නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියි.

ජනතාවාදී  දේශපාලඥයන් මේවගේ මාතෘකාවක් තමන්ගේ දේශපාලන වේදිකාවට නොගෙනෙන බවත්,  රජය කිසිම දවසක ජනතා පරමාධිපත්‍ය බලය අවතක්සේරු නොකරන බවත් ඔහු සඳහන් කළේය.

අද (24) ශ්‍රී ලංකා තරුණ මුස්ලිම් සම්මේලනයේ  67වන වාර්ෂක සමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් මුස්තාපා මහතා කියා සිටියේය.

වාර්ෂික සම්මේලනයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ මෙම රැස්වීම සඳහා නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.

අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙහිදී වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“අද මාධ්‍යෙයන් වුවත් සමහර දේශපාලඥයින්ගෙන් වුවත් බැණුම් අහන්නෙ අපි දෙන්නා. මැතිවරණ කොමසාරිස්තුමයි මමයි. අපි දෙන්නා එකතුවෙලා පළාත් පාලන ඡන්දය කල්දමනවා කියලා. ඒත් එහෙම දෙයක් නෑ.  පාර්ලිමේන්තුව තුළ  සිදුවන කටයුතු ඉවර වුණු වහාම  ඡන්දය පවත්වන්න රජය කටයුතු කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාම හොඳින් ගරු කරන කෙනෙක්. එතුමා කිසි දවසක  ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලුවට ලක්කරන්නේ නෑ.එවැනි දේකට ඉඩ දෙන්නෙ නෑ.කියලා වගකීමෙන් කියනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles