රවී එරෙහි නඩු විභාගයට දින නියමවේ

0
328

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවක් සාක්ෂි විභාගය සඳහා සැප්තැම්බර් මස 6 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

අදාළ නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සැප්තැම්බර් මස 6 වනදා නඩුවේ දෙවන සාක්ෂිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here