රසායනික පොහොර නැවැත්වීමෙන් ඉදිරි වසර දෙකක වගා ඉවරයි – වජිර අබේවර්ධන

0
337

කිසිදු ඉදිරි සැලසුමක් නොමැතිව රසායනික පොහොර ගෙන්වීම එකවර නතර කිරීම නිසා තේ, පොල්, රබර් ඇතුළු වගාවන්ට සිදුවන හානිය තව අවුරුදු ගණනක් යනතුරු ආපසු හැරවීමට නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

රටට ආහාර අර්බුදයක් ඇති නොකර වහා පොහොර ගෙන්වීමට කටයුතු කළ යුතු බව කී අබේවර්ධන මහතා මේ මොහොතේ තීරණ ආපසු හරවා ගැනීමෙන් ආණ්ඩුවට සිදුවිය හැකි ලැජ්ජාවට වඩා ජනතාවගේ බඩගින්න ප්‍රමුඛතාවයේ ලා සැලකිය යුතු බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ මෙි මොහොතේ සිට රසායනික පොහොර ගෙන්වීමට තීරණය කළත් ඉදිරි අවුරුදු දෙකක කාලයක් සඳහා වගා හානිය මේ වන විටත් සිදු වී අවසන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here