Monday, May 6, 2024

මන්නාරම සහ කාවේරි බොක්කේ ඛනිජ තෙල් සොයන ගුවන් සමීක්ෂණ අවසන් අදියරේ

බ්‍රිතාන්‍යයේ බෙල් ජියෝ-ස්පේස් ආයතනය මඟින් මන්නාරම සහ කාවේරි බොක්කේ සිදු කළ ගුවන් ඛනිජ තෙල් සමීක්ෂණ මේ වනවිට 60%ක් අවසන් වී ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසනවා.

එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු තෙල් ගවේෂණය පිළිබඳ උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙත ඉදිරිපත් කරන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම ප්‍රකාශ කළේ.

වයඹ දිග සහ උතුරු මුහුදේ තෙල් ගවේෂණවලට අදාළ භූ විද්‍යා සමීක්ෂණ පසුගිය දශක කිහිපය තිස්සේ සිදු කෙරුණේ නෞකා මඟින්.

ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුද සඳහා එය යෝග්‍ය වූව ද උතුරු මුහුදේ සහ කාවේරි බොක්කේ නොගැඹුරු මුහුද සඳහා ගුවන් සමීක්ෂණ ඉහළ යෝග්‍යතාවකින් යුක්ත බවයි ඛනිජ තෙල් සම්පත් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

ඒ අනුව ගුවනින් සිදු කරන ගුරුත්ව චුම්භක ගවේෂණ ඉහළ ප්‍රතිඵල අත්කර දෙනු ඇති බව ඔහු අවධාරණය කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles