Friday, April 26, 2024

ඔබේසේකරපුරදී කුඩු ජාවාරමා අල්ලන්න බොනට්ටුවේ එල්ලුන සැරයන්

රාජගිරිය ඔබේසේකරපුරදී නාටකීය ආකාරයට සිද්ධවූ මත්කුඩු වැටළීමක් සම්බන්ධව ඊයේ දිනයේ වාර්තා විය. හෙරොයින් මත්කුඩු පාර්සල් දෙකක් රැගෙන ගියා ජාවාරම්කරු මෝටර් රථයෙන් පලා යද්දී පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී ඔහු අල්ලා ගැන්මට උත්සාහ කිරීමේදී සැරයන්වරයා ද රැගෙන මෝටර් රථය කිලෝ මීටරයක් පමණ දුරක් රැගෙන ගොස් මෝටර් රථය එකවර බ්රේක් කර සැරයන්වරයා බිමට වැටීමට සලස්වා ජාවාරම්කරු පළා ගිය අයුරුද සීසීටීවී මගින් පෙන්නුම් කරන ලදි.

පොලිස් අත්අඩංගුවේ සිටි මත්ද්‍රව්‍ය ලබාදීමට පැමිණි තීරෝද රථ රියැදුරු ද එම කලබලය ඔස්සේ පලා ගොස් ඇත.

මෙම අවස්ථාවේදී වැටලීමට ගිය කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සතුව ගිනි අවියක් තිබී ඇතත් ඔහු එම ගිනි අවිය පරිහරණය කර නැත.
නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ තිබෙන කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව රාජගිරිය ඔබේසේකරපුර හන්දියේ දී මෙම සිදුවීම සිදුවී ඇත.

මෝටර් රථයෙන් බිමට වැටීමෙන් පොලිස් සැරයන්වරයාගේ හිසට සහ පාද වලට බරපතළ තුවාල සිදු වී ඇති අතර ඔහු නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් වී ඇති අතර සැරයන්වරයාගේ හිසට මැහුම් ද දමා ඇත.

වැටලීමට ගිය පොලිස් කණ්ඩායම එම ස්ථාන ළඟා වන අවස්ථාවේදී ත්‍රීරෝද රථ රියදුරු මත්කුඩු පාර්සල් දෙකක් මෝටර් රථයේ රියැදුරු වෙත ලබාදෙමින් සිට ඇති අතරවැටලීමට ගිය පොලිස් කණ්ඩායම එම ස්ථාන ළඟා වන අවස්ථාවේදී ත්‍රීරෝද රථ රියදුරු මත්කුඩු පාර්සල් දෙකක් මෝටර් රථයේ රියැදුරු වෙත ලබාදෙමින් සිට ඇති අතර පොලිස් නිලධාරීන් එසැණින් ක්‍රියාත්මක වී ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන මෝටර් රථයේ පැමිණි පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු මෝටර් රථයේ දොරවල් අගුළු ලාගෙන මේ ආකාරයට පළායාමට උත්සාහ කළේය.
සැරයන්වරයා මෝටර් රථයේ බොනට්ටුව මත පැන ධාවනය වීම වැළැක්වීමට උත්සාහ කළත් ඔහු සැරයන්වරයා බිමට වැටීමට සලස්වා පැන ගියේය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකෙරේ.

Gossip Lanka News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles