Monday, September 23, 2024

රාජකාරි නිසි පරිදි ඉටු නොකරන අයිස් ගහන රාජ්‍ය සේවකයො 30% -40% ක් . සමීක්ෂණයකින් හෙළිවෙයි

සිය රාජකාරි නිසි පරිදි ඉටු නොකර රාජ්‍ය සේවයේ නියුතු සේවක  සේවිකාවන්ගෙන් 30% – 40%   අතර සංඛ්‍යාවක්  නිකරුණේ කාලය ගත කරන බව සමීක්ෂණයකදී  පෙනී ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

එලෙස නිද්‍රාශීලීව කටයුතු කරන පිරිස් හඳුනා ගෙන එම  තත්වය වැළැක්වීම සඳහා  සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති අතර ආයතන ප්‍රධානීන්ට එහිදී  විශේෂ වගකීම්  පැවරීමටද එම වගකීම් ඉටු නොකරන ප්‍රධානීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී කටයුතු කිරීමට නියමිතව තිබේ.

සියළුම රාජ්‍ය සේවකයන් සිය රාජකාරි කටයුතු ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා යෙදවීමට  උපරිමයෙන් දායක කර ගැනීම  ආයතන ප්‍රධානියාගේ වගකීමක් විය යුතු බව  මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කෑම බීම අනුභව කර සහෝදර සේවකයන් සමග හෝ සිය පරිගණකය හෝ ජංගම දුරකථනය  යොදාගෙන  විවිධ ක්‍රීඩාවල  නිරතවී නිකරුණේ කාලය ගත කර නිවෙස්වලට යන රාජ්‍ය  සේවකයන්  විශාල පිරිසක් බොහෝ ආයතනවල සිටින බව සොයාගෙන ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles