රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ඉල්ලා අස්වෙයි

0
331

ගුදම්, බහලුම් ,සහ වරාය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බව ද ඒ මහතා පැවසීය.

ඊයේ දිනයේ සිට බලපැවත් වෙන පරිදි ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බවයි සඳහන් කර සිටින්නේ.

ජාතික නිදහස් පෙරමුණේ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙක් ද වනවා.

ඒ මහතා ජාතික නිදහස් පෙරමුණෙ ජාතික සංවිධායක ලෙසද කටයුතු කරයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාව ජනපති විසින් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම පසුගිය දිනක සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here