Tuesday, November 5, 2024

රාජ්‍ය ආයතන බොහොමයක් වැසේ!

කොවිඩ් අවදානම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අංශය ඇතුළු අංශ හයක් වසා දමා ඇතැයි එහි නිලධාරියෙක් පැවැසීය .

කොරෝනා රෝගීන් හා රෝගීන්ගේ ආශ්‍රිතයන් පිරිසක් හමුවීම නිසා එම අංශ මෙසේ වසා දැමූ බවද ඔහු කීවේය .

මේ අතර කොරෝනා අවදානම හේතුවෙන් හුදෙකලා කෙරුණු ප්‍රදේශවල අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවකයන් රැසක් සිටින බවත් මේ කාරණය නිසා අමාත්‍යාංශයේ කටයුතු බොහොමයක් අඩාල වී ඇති බවත් එහි නිලධාරීහු පවසති .

කෙසේ වෙතත් අමාත්‍යාංශය කටයුතු කොවිඩ් අර්බුදය මැද හැකි උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන ඇමතිවරයාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් යොදවා ඇතැයි පවසන එම නිලධාරියා වසා දැමුණු අංශවල කටයුතුද කඩිනමින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය‍ෙ

කොරෝනා වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල මගින් ලබාදෙනු ලබන සියලුම සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.

එම කාලය තුළ 0112 677 877 දුරකථන ඔස්සේ ලබාගන්නා ලද වෙලාවන් වෙන්කිරීම් වෙන් කිරීම් සියල්ලම අවලංගු වන බවද කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියි

එමෙන්ම දිවයින පුරා පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල මඟින් රියැදුරු බලපත්‍ර වලට අදාළව පවත්වන ලිඛිත පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වන බවත් අලහකෝන් මහතා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles