Saturday, January 11, 2025

රාජ්‍ය ඇමතිවරයෙකුලේ මැදිහත්වීමෙන් මෙරටට ගෙනආ ඩුබායි සැඟව සිටි එතනෝල් ජාවාරම්කාරයා

ඩුබායි හි සැඟව සිටි එතනෝල් ජාවාරම සම්බන්ධ ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි පසු රාජ්‍ය ඇමැතිවරයකුගේ සහ මන්ත්‍රිවරයකුගේ මැදිහත් වීමෙන් ප්‍රභූ පර්යන්තය හරහා හොර රහසේ රැගෙන ඒම ඇතුලු කරුණු කිහිපයක් මුල්කරගෙන විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ චන්ද්‍රසිරි මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුම් දීම මත මෙම විමර්ශනයක් ආරම්භ කර ඇති බවද සභාපතිවරයා කියා සිටියේය.

එම පරීක්ෂණයෙන් පසු අදාල වාර්තා ඉදිරි දින වල ජනාධිපතිවරයා වෙත ලබා දෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

වරෙන්තු ලබා විදෙස්ගතව සිටි ක්‍රිෂාන් ජයලත් හෙවත් එතනෝල් ජයලත් නම් පුද්ගලයෙකු වන ඔහු කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තයෙන් රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දී තිබෙන බවට සති අන්ත පුවත්පත් වාර්තා කර තිබුණා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා ගමන් ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට ප්‍රභූන් සමඟ ගමන් ගන්නා සාමාන්‍ය පුද්ගලයින්ට ඒ හරහා ගමන් ගැනීම තහනම් කර තිබෙනවා.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

ඒ අනුව මෙහි ගමන් කළ හැක්කේ විශේෂ වරප්‍රසාද ලත් ප්‍රභූ පුද්ගලයින්ට පමණයි.

ගුවන් යානා නවතා ඇති ස්ථානයක ගොස් අමුත්තෙක් පිළිගන්නේ නම් ඒ සඳහා ගුවන් තොටුපොළ සභාපතිවරයාගෙන්, උප සභාපතිවරයාගෙන් හෝ කළමනාකාරවරයාගෙන් අවසර ගත යුතු වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles