ඉරාන මාධ්‍යවේදියෙක් ව එල්ලා මරයි

0
770

ඉරානයේ සිටි ප්‍රකට මාධ්‍යවේදියෙක් ට මරණීය දණ්ඩනය ලබා දී තිබේ.

ජංගම දුරකථන මෙවලමක් භාවිත කර රට තුළ, ආණ්ඩුවට එරෙහිව ජනතාව කුපිත කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවිය. 

රුහොල්ලා සාම් නමැති එම මාධ්‍යවේදියාව අද (12) එල්ලා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහුට දුන් දඬුවම ඉවත්කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
  
සාම් ඉරානයෙන් පැනගොස් ප්‍රංශයේ ජීවත් වූ අතර පසුගිය වසරේ ඉරාකයට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට පත්වී තිබේ.

ඔහු විසින් පවත්වා ගෙන ආ ජනප්‍රිය වෙබ් අඩවියක් වූ “අමාඩ් නිව්ස්” ඔස්සේ 2017/18 කාලය තුළදී ඉරානය පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා උදව් කළ බවට ද ඔහුට චෝදනා එල්ල විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here