Friday, May 17, 2024

මැනිං වෙළෙඳපොළ හෙට සිට විවෘත කෙරේ

පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා හෙට (14) දිනයේ සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

පස්වරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා එහි වෙළෙඳාම් කටයුතු සිදුකිරීමට නියමිත බව මැනිං පොදුවෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ට්ගේ මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ලාල් හෙට්ට්ගේ මහතා,

“නව මැනිං වෙළෙඳපොළ සංකීර්ණය සඳුදා දිනයේ දී බැසිල් රාජපක්ෂ මහතාගේ  ඉල්ලීම පරිදි, නාලක ගොඩහේවා මහතාගේ අධීක්ෂණය යටතේ සඳුදා දිනයේ දී සියලූම ව්‍යාපාරිකයින් හා ගොවියන් වෙනුවෙන් සවස 4 සිට රාත්‍රී 12 තෙක් විවෘතව පවතිනවා. තදබදයකින් තොරව වෙළෙඳ කටයුතු කරගෙන යෑමට තොග වෙළෙඳුන් පමණක් එදිනට තමන්ගේ කෘෂි නිෂ්පාදන ගෙන්වන ලෙස ඉල්ලා සිටිනවා. සියලුම ගොවීන්ට, පාරිභෝගිකයින්ට අපි මතක් කරනවා, විශාල වශයෙන් තොග එවන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයක් එවන ලෙස අපි මතක් කර සිටිනවා. පළමු දවසේ අපි සාර්ථකව මේ වැඩකටයුත්ත කරගෙන යන්න. උදේ කාලයේ දී අපි පටන් ගන්නේ නැත්තේ විශේෂයෙන්ම හේතුව තමයි මත්ස්‍ය වෙළෙඳපොළ අප ඉදිරියේ තියෙන්නේ එතනට එන ජනගහනය එක්ක අපේ ජනතාව ගැටීමෙන් මෙම වසංගතය ව්‍යාප්ත වීම නවත්වා ගන්නැයි වාහන තදබදය නැතිකර ගැනීමේ අරමුණින් තමයි පළමුවෙන්ම තොග වෙළෙඳාම පමණක් ආරම්භ කළේ.“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles