රැට්ටා රවටා අත්අඩංගුවට ගනී!

0
660

මෙරට ජනප්‍රිය යුටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න හෙවත් “රැට්ටා” අද (30) පස්වරුවේ  කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාව දැක්වෙන වීඩියෝවක් ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහන්ව ඇත.

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන “ගෝඨා ගෝ ගම” අරගලයේ සමාජ ක්‍රියාකරුවෙකු ලෙස ද රතිඳු සේනාරත්න කටයුතු කරනු ලබනවා.

ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පැමිණෙන ලෙස දන්වා තිබුණද, උසාවිය අසල මාර්ගය අවහිර කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here