Friday, January 24, 2025

රුසියානු ප්‍රහාර හමුවෙි අසල්වැසි රටවලට පලා යන යුක්‍රේන වැසියෝ

රුසියානු ප්‍රහාර හමුවේ දහස් ගණනක යුක්‍රේන වැසියන් මධ්‍යම යුරෝපීය රටවල් වෙත සංක්‍රමණයවීම ආරම්භවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු පෝලන්තයේ මෙඩිකා හි දේශසීමා ආසන්නයේ යුක්‍රේන ජාතිකයින් විශාල පිරිසක් රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙලෙස යුරෝපීය රටවල් වෙත ඇතුළුවන පිරිස් සිය රටට පිලිගැනීමට සහ මානුෂීය ආධාර ලබා දීමට සූදානම් බව හංගේරියානු රජය මේ වන විටත් කැමැත්ත පළකර තිබෙනවා.

සෙසු මධ්‍යම යුරෝපීය රටවල් කිහිපයක්ද යුක්‍රේන ජනතාවට ආධාර ලබා දීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර රුසියා හමුදා යුක්‍රේනයේ කොනෙටොප් නගරයට ප්‍රහාර එල්ලකරමින් සිටින බවත් එරට අගනගරය වන කිව් නගරය දෙසට ගමන් කරමින් සිටින බවත් වාර්තා වනවා.

මධ්‍යම යුරෝපීය රටවල් වෙත ඇතුළු වන සියලු දේශසීමා ආසන්නයේ දිගු රථවාහන පෝලිම් දක්නට ලැබෙන අතර පාගමනින් විශාල පිරිසක් එම ස්ථාන වෙත පැමිණ සිටී.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේන වැසියන් සිය රටට පිළිගැනීමට සහ මානුෂීය ආධාර ලබාදීමට ද සිය රජය සුදානම් බවය.

සෙසු මධ්‍යම යුරෝපීය රටවල් කිහිපයක් ද යුක්‍රේන ජනතාවට ආධාර ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර, රුසියන් හමුදා යුක්‍රේනයේ කොනොටොප් නගරයට ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් එරට අගනගරය වන කියුව් නගරය දෙසට රුසියානු හමුදා ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

රුසියානු හමුදාවන්ට අද පෙරවරුවේ කියුව් නගරයට ආසන්න විය හැකි බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසා තිබේ.

එම නගරයේ සිටින ජාත්‍යන්තර මාධ්‍යවේදීන් වාර්තා කරන්නේ මේ වනවිට කියුව් නගරයේ පිපිරීම් හඬවල් වාර්තා වන බවය.

මේ අතර යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මේ අතර යුක්‍රේන ජනාධිපති විලෝදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටින්නේ රුසියාවේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ තමන් සහ තමන්ගේ පවුලේ අය ඝාතනය කිරීම බවයි. එමගින් තම රට අස්ථාවර කිරීම රුසියාවේ බලාපොරොත්තුව වී ඇති බව ඔහු පවසන්නේ.

එමගින් තම රට අස්ථාවර කිරීමට රුසියාවේ බලාපොරොත්තු වන බව සෙලෙන්ස්කි පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles