රියැදුරු බලපත්‍රවල වලංගු කාල⁣ය දිර්ඝ කීරීමට තීරණය කරයි

0
290

ලබන අප්‍රේල් පළමු වනදා සිට ජුනි මස 30 වනදා දක්වා කාලය තුළ කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය, කල් ඉකුත්වන දිනයේ සිට මාස 06ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

එසේම ජූලි 1 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය, කල් ඉකුත්වන දිනයේ සිට මාස 3 කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වසා තැබීම නිසා රියදුරු බලපත්‍රවල කල් ඉකුත්වීමේ දිනය අවස්ථා කිහිපයකදීම දීර්ඝ කරනු ලැබුවා.

එබැවින් රියදුරු බලපත්‍ර විශාල සංඛ්‍යාවක අලුත් කිරීම් එකවර කිරීමට සිදුවීම හේතුවෙන් දැරිය නොහැකි ප්‍රමාණයක විශාල රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් වර්තමානයේදී නිකුත් කිරීමට සිදුව ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here