Tuesday, January 21, 2025

රුසියානු මාධ්‍ය වලට නව නීතියක්

සියළුම රුසියානු මාධ්‍ය වලට නව නීතියක් පණවමින් ජනාධිපති පුටීන් විසින් අත්සන් කරන ලද විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව මෙතැන් සිට කිසිඳු රුසියානු ප්‍රවෘත්ති විකාශයක හෝ පළකිරීමක “යුක්‍රේන යුද්ධය හෝ ආක්‍රමණය” යන වචන භාවිතා කිරීම තහනම් කර තිබෙනවා.

එමෙන්ම, අසත්‍ය පුවතක් ලෙස රජයෙන් සලකන ඕනෑම පුවත් පළකිරීමකට වසර 15ක් දක්වා සිරදඬුවම් නියම කෙරෙන නව නීතියක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේනමුත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පුටීන්ගේ ඒකාධිපති මිලිටරිය එරට මාධ්‍ය නිදහසටද දැඩි බාධාවක් වී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles