Tuesday, December 24, 2024

රුසියානු හමුදා විසින් යුක්රේනයේදී ඇමරිකානු මාධ්‍යවේදියෙකු ඝාතනය කෙරේ

කිව් නගරය ආසන්නයේදී රුසියානු හමුදා විසින් ඇමරිකානු මාධ්‍යවේදියෙකු ඝාතනය කර ඇතැයි යුක්රේන පොලිසිය පවසයි.

ඝාතනය කර ඇතැයි පැවැසෙන්නේ යුද පිටියේ පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් මාධ්‍යවේදී බ්‍රෙන්ට් රෙනෝඩ් නැති වීඩියෝ වාර්තා කරුවෙකු වන බ්‍රෙන්ට් රෙනෝඩ් ලෙස හඳුනාගෙන ඇත. ය. මොහු නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ හිටපු වාර්තාකරුවකු ද වෙයි.

ඔහු පුවත්පතේ සේවය කළ බවට වාර්තාවල සඳහන්වූ නමුත් ඔහු මිය යන විට ඔහු ඒ පුවත්පත සඳහා වැඩ නොකළ බව එක්සත් ජනපදයේ ආරංචි හෙලි කර ඇත.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය තුවාල ලැබූ අනෙක් වාර්තාකරු ඇමරිකානු ඡායාරූප ශිල්පී Juan Arredondo ලෙස හඳුනාගෙන ඇත.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත 2015 දී පුවත්පතට අවසන් වරට දායක වූ මියගිය Renaud “දක්ෂ ඡායාරූප ශිල්පියෙකු සහ චිත්‍රපට නිෂ්පාදකයෙකු” ලෙස හඳුන්වා ඇත.

යුක්රේන භෞමික ආරක්ෂාව සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ශල්‍ය වෛද්‍ය ඩැනිලෝ ෂැපෝලොව් පැවසුවේ රෙනෝඩ් ඔහුගේ ගෙලට වෙඩි වැදීමෙන් ක්ෂණිකව මිය ගිය බවයි.

රුසියන් හමුදා කීව් අගනුවරට ආසන්න ස්ථානයකදී මොහුට වෙඩි තබා ඇත්තේ ඊයේ (13) යැයි කීව් ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා වාර්තා කර ඇත.

යුක්‍රේන පොලිසිය පැවසුවේ, රුසියානු භටයින්ගේ වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු අසල සිටි තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ය.

Renaud 2019 දී Harvard University හි Nieman Fellowship දිනා ගත් අතර, ඔහු තම උපන් ගම වන Little Rock, Arkansas හි Black Lives Matter විරෝධතා ඇතුළු ගෝලීය ගැටළු රාශියක් වාර්තා කළ අයෙකි.

යුද පුවත් වාර්තාකරණයේ දක්ෂයෙක් වූ බ්‍රෙන්ට් මීට පෙරත් ඉරාකය, ලිබියාව, ඇෆ්ගනිස්ථානය යන රටවල සිට ද පුවත් පිපාසයෙන් පෙළෙන ලොව ජනතාවට යුද භූමියේ සිට පුවත් දැන ගැන්මට සැලැස්වූ අතර දැනට රුසියන් ආක්‍රමණයට ගොදුරු වී තිබෙන යුක්‍රේනයේ තත්ත්වය වාර්තා කිරීමට ද සිය සහෝදර මාධ්‍යවේදියෙකු සමග ගොස් තිබුණි.

පෙබරවාරි 24 වැනිදා රුසියානු ප්‍රහාරය ආරම්භ වීමෙන් පසු යුක්රේනයේදී ඝාතනයට ලක්වූ පළමු විදේශ වාර්තාකරුවා බවට රෙනෝඩ් පත්වෙයි.

(රොයිටර්)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles