Friday, May 17, 2024

යුක්රේන ජනාධිපති හමුවන්න පුටින් කැමැත්තෙන්

රුසියාවත් යුක්රේනයත් අතර යුද ගැටුම් අතරතුරේ දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර දිගින් දිගටම අර්බුදය විසඳා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන අතර, එම සාකච්ඡා සඳහා සහභාගී වන නියෝජිතයන් පවසා ඇත්තේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පමණක් නොව, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද එකිනෙකා හමුවීමට කැමැත්ත පළ කරන බවය.

හටගත් අර්බුදය විසඳා ගැනීමට සාකච්ඡා පැවැත්වෙද්දී පවා දෙරට අතර යුද ගැටුම් වර්ධනය වන බවක් දකින්න ලැබේ. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත්තේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. මේ වනවිට දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී සති 3 කට වඩා ගත වී ඇත.

අර්බුදය සම්බන්ධයෙන් රුසියානු නියෝජිතයන් සහ යුක්රේන නියෝජිතයන් අතර සාකච්ඡා වට කීපයක් ද, රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහ යුක්රේන විදේශ ඇමැති දිමිත්‍රෝ කුල්බා අතර තුර්කියේ දී ද සාකච්ඡා පැවැත්විණි.

එම සියලු සාකච්ඡාවල යම් ප්‍රගතියක් ඇති බවත් තමන් ද යුක්රේන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවීමට කැමැත්තෙන් පසුවන බවත් රුසියන් ජනාධිපති පුටින් සිය නියෝජිතයන්ට පවසා ඇතැයි රුසියන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පසුගිය දිනවල රුසියන් සහ යුක්රේන නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුවිය. ඒ, දෙරටේ නියෝජිතයන් වීඩියෝ තාක්ෂණ ඔස්සේ එකිනෙකා හමුවෙමිනි.

(රොයිටර්)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles