රුසියාව හා චීනය එක්ව සිරියාවට එරෙහි යෝජනවා පරදවයි

0
341

එක්සත් ජාතීන්ගේ සංවිධාන විසින් සිරියාවට එරෙහිව සම්බාධක පැනවීමට ගෙන එනු ලැබූ යෝජනවා රුසියාව හා චීනය එක්ව නිශේධ බලය යොදා පරාජයට පත් කර තිබේ.

සිරියානු සිවිල් යුද්ධයේදී සිරියා ආරක්ෂක අංශ රසායනික අවි භාවිතා කරන බවට චෝදනා කරමින් මීට පෙරද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවස්ථා ගණනාවකදී සම්බාධක පැණවීමට යෝජනා ගෙන ආ අතර නිශේධ බලය යොදා රුසියාව අවස්ථා හතකදීද චීනය අවස්ථා හයකදීද එම යෝජනා පරාජයට පත් කරනු ලැබීය.

සිරියාවට එරෙහිව ඇමෙරිකාව සෘජු යුදමය මැදිහත් වීමට සූදානම් වූයේද අසාද් පාලනය සතුව ජන සංහාරක රසායනික අවි පවතින බවට චෝදනා කරමිනි. එය වළක්වනු ලැබුවේ රුසියාව මැදිහත් වී එම රසායනික අවි විනාශ කිරීමත් සමගය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here