Saturday, May 18, 2024

රන්ජන්ට මරණ තර්ජනය කිරීම-සාක්ෂි විමසයි

දිවුලපිටිය ප‍්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැුස්වීමේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා තමන්ට මරණ තර්ජනයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභ සාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලිසියට කළ පැමිනිල්ල පිලිබදව අධිකරණයට කරුනු වාර්තා කර අවශ්‍ය සාක්කි සටහන් කරන්නට පියවර ගෙන ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.
ඒ අනුව අද 2 දහවල් බස්නාහිර පලාත් සභා මන්තී‍්‍ර, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දිවුලපිටිය ප‍්‍රධාන සංවිධායක හා දිවුලපිටිය ප‍්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති චන්දන ජයකොඩි මහතාගේ ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට දිවුලපිටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති සුමිත් පේ‍්‍රමකුමාර මහතා පියවර  ගෙන තිබිනි.
මෙම පැමිනිල්ල පිළිබදව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එඞ්වඞ් ගුණසේකර, දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් එච්.එම්.එල්.එස්.හේරත්, සැලසුම් අධ්‍යක්ෂිකා ආශා සිරිවර්ධන, තරුණ සේවා නිලධාරි නිශාන්ත රත්නායක, පරිපාලන ග‍්‍රාම නිලධාරි ටියුඩර් පෙරේරා, මහත්ම මහත්මීන් ඇතුලූ පිරිසකගේ ප‍්‍රකාශ සටහන් කර ගැනීමට  පියවර ගන්නා බව පොලිසිය කියයි.
සාපරාීධ බිය ගැන්වීම හා බැන තර්ජනය කිරීම පිළිබදව මේ වනවිට කරුණු හෙලිදරව්වී ඇති බව කියන පොලිසිය මරණ තර්ජනයක් සිදුවූයේදැයි සොයා බැලීමට පරීක්ෂන පවත්වමින් සිටී.
දිවුලපිටිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති සුමිත් පේ‍්‍රමකුමාර මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂන පැවැත්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles