Saturday, September 21, 2024

රු.10,000 බඩු මල්ල අඩු ආදායම්ලාභී පවුල් වලට පමණයි

කොරෝනා ආසාදනය හේතුවෙන් නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා ලබාදෙන රුපියල් දස දහසක් වටිනා වියළි ආහාර අඩංගු බඩු මල්ල අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු එම තීරණයට අනුව කටයුතු කරන්නැ යි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවා ඇති බව සඳහන්.

පසුගිය 24 වනදා එම චක්‍රලේඛය යවා ඇත්තේ උද්ගත වී ඇති ව්‍යසනකාරි තත්ත්වය නිසා පීඩාවට පත් වූ පවුල්වලට සහ නිරෝධායනයට යොමුකළ පවුල්වලට සහන සැලසීම යන උදෘතය යටතේයි.

ඒ සම්බන්ධයෙන් පසුගිය 2020 වසරේ නොවැම්බර් දෙවනදා සහ 30 වනදා නිකුත් කර ඇති චක්‍රලේඛ පිළිබඳ ව අවධානය යොමුකර තිබෙනවා.

එමඟින් දක්වා ඇති සෞඛ්‍ය අංශ උපදෙස් මත නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා ලබාදෙන රුපියල් 10,000ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු බඩු මල්ල අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් ලබාදිය යුතු බවටයි නව චක්‍රලේඛය මඟින් අවධාරණය කර ඇත්තේ.

Newswire

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles