ලංකාවට එන මෝඩිගේ ගමන් මාර්ගය වෙනස් වෙයි

0
324

මෙම මස අවසානයේදී ලංකාවේ සංචාරයක නිරත වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා තීරණය කරයි.වෙනදා ඉන්දීය අගමැතිවරයා කටුනායකින් ලංකාවට පැමිණියත්, ඉන්දීය අගමැතිවරයා මෙවර තීන්දු කර ඇත්තේ යාපනයෙන් ලංකාවට ඇතුළු වීමටය.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේදීද ඉන්දීය අගමැතිවරයා ලංකාවට පැමිණ පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කර තිබුණත් එවක ඒකාබද්ධ විපක්ෂය දැක්වූ විරෝධතා හේතුකොට ගෙන එය අත්හිටුවීමට ඉන්දීය අගමැතිවරයාට සිදුව තිබිණි.

එහෙත් මෙම සංචාරයේදී පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටද ඉන්දීය අගමැතිවරයා සැලසුම් කර ඇති බවක් දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here