Saturday, April 27, 2024

සිලින්ඩරයකින් ලිට්‍රෝ සමාගමට 2,000ක පාඩුවක් වන නිසා ගෑස් මිල වැඩි කළ යුතු බවට ඉල්ලීමක් !

කිලෝග්‍රෑම් දොළහයි දශම පහ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කිරීමේදී රුපියල් 2,000 ක පමණ පාඩුවක් අත්විඳින බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ රුපියල් බිලියනයක පාඩුවක් සමාගම ලබා ඇති බවයි.

ඒ හේතුවෙන් සමාගම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගෑස් මිල වැඩි කිරීමේ තීරණයක් ගත යුතු බවයි ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසන්නේ.

මේ වනවිට 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,675 කට අලෙවි කරන අතර, ඒ සඳහා සමාගම විසින් දරණ පිරිවැය රුපියල් 4,662 ක් බව එම මාධ්‍ය හමුවේදී අනාවරණ විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles