Thursday, January 23, 2025

ලබන මාසයේදී ඔිස්ට්‍රේලියාවත් විවෘතයි

ලබන මාසයේ සිට සිය දේශ සීමා විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නිවේදනය කර ඇත්තේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට මේ අනුව රටට පැමිණීමට අවසර හිමිවන බවයි.

රටෙහි ප්‍රාන්ත වල එන්නත්කරණ ඉලක්කය සියයට 80ක ඉලක්කයකට ළගාවෙමින් සිටින බැවින් මෙලෙස දේශ සීමා විවෘත කිරීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් දේශ සීමා විවෘත කරන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඉදිරි සති කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

ඒ අනුව මාස 18කට පමණ පසු ඔස්ට්‍රේලියාවට පැමිණීමට විදෙස් සංචාරකයන්ට අවසර හිමිවන අතර මෙතෙක් පැවති දින 14ක හෝටල් නිරෝධායනයද ඉවත් වනු ඇති.

ඒ සඳහා එක් සංචාරකයෙකුට ඔස්ට්‍රේලියානු ඩොලර් 3000ක පමණ මුදලක් වැයවූ අතර ඒ වෙනුවට දින 07 ක නිවාස නිරෝධායන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් කැන්බරා – සිඩ්නි සහ මෙල්බර්න් යන ප්‍රධාන නගර ත්‍රිත්වයම මේ වනවිට ලොක්ඩවුන් තත්ත්වයේ පැවතීමත් සමඟ දේශ සීමා විවෘත කිරීම කෙතරම් ප්‍රායෝගික වනු ඇතිදැයි ප්‍රධාන පෙලේ ගුවන් සමාගම් ගණනාවක් සැක මතු කර තිබෙනවා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles