Saturday, May 18, 2024

දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය අදයි

රටවල් 5ක් සහභාගී වන කලාපයේ ප්‍රධානතම පාපන්දු ශූරතාවලිය දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මාලදිවයින ජාතික ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද (01) පස්වරු 3.30ට ආරම්භ විය.

මාලදිවයින සෞඛ්‍ය අංශ නිකුත් කළ නවතම දත්තයන් අනුව ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 141කට අඩුවී මනා පාලනයක් ඇතිව තිබෙන හෙයින් මේ පාපන්දු තරගාවලිය නැරැඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවසර හිමි වනවා.

එහෙත් සීමිත ප්‍රවේශපත් ප්‍රමාණයක් නිකුත් කිරීමට දකුණු ආසියා පාපන්දු සම්මේලනය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර වසර 1979 සිට අන්තර්ජාතික පාපන්දු තරග 16ක් පවත්වා ඇති අතර, එයින් බංග්ලාදේශය තරග 10ක් හා ශ්‍රී ලංකාව තරග 4ක් ජයග්‍රහණය කර තිබෙනවා.

තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමාවූ අතර, මෙයට වසර තුනකට පෙර දෙරට අතර අවසන් තරඟය පැවැත්වුණා.

බංග්ලාදේශයේ පැවැති එම මිත්‍රත්ව පාපන්දු තරඟයේදී ශ්‍රී ලංකාව ගෝල් 1-0ක් ලෙස ජය වාර්තා කළා.

අද දිනයේ දෙවැනි තරගය රාත්‍රී 9.00ට විදුලි ආලෝක ධාරා මැද මාලදිවයින හා නේපාලය අතර පැවැත්වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles