Thursday, January 23, 2025

ලාඔිසයෙන් කොරෝනා වයිරසයට සමාන වයිරස සහිත වවුලන් විශේෂයක් හඳුනා ගැනේ

කොරෝනා වයිරසයට බෙහෙවින් සමාන තවත් වයිරස සහිත වවුලන් විශේෂයක් හඳුනා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

කොරෝනා වයිරසයට සමාන වයිරස තුනක් එම වවුලන්ගේ සිරුරු තුළ තිබී සොයාගෙන තිබෙනවා. ලාඕසයේ ලෙන් තුළ වෙසෙන වවුලන් 645 දෙනෙකුගේ අපද්‍රව්‍ය සාම්පල පරීක්ෂා කිරීමෙනුයි මේ බව තහවුරු කරගෙන ඇත්තේ. මෙම හඳුනාගත් නව වයිරස තුන කොරෝනා වයිරසයට 95% ක තරම් සමානකම් පෙන්වන බව වාර්තා වනවා.

මෙම සොයාගැනීමත් සමඟ කොරෝනා වයිරසය නිර්මාණය කරන ලද්දක් නොව ස්වභාවිකව බිහිවූවක් බව පැහැදිලි වන බවයි විද්‍යාඥයින් පවසන්නේ. කොරෝනා වයිරසය මෙන් මිනිස් ජීවිත වලට දැඩි බලපෑමක් එල්ල කළ හැකි තවත් වයිරස පවතින බව හෙළිවීම ලොව සියලු දෙනාගේ දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් ලෙස එම විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

ITN NEWS

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles