ලෙඩා පොලිස් 4000ක් ඉවතට!

0
637

සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නැති පොලිස් නිලධාරීන් 4000ගේ සේවය අවසන් කිරීමට අවධානය යොමු වී තිබේ.

මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව පෙරේදා (25) රැස් වූ අවස්ථාවේ අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ, අවශ්‍ය නිර්දේශ අමාත්‍යාංශයට යොමු කරන ලෙසයි.

යහපත් සෞඛ්‍ය මට්ටමේ නොසිටින 4000 ක් පමණ පොලිස් නිලධාරීන් සේවයේ සිටින බවත් ඔවුන් වෛද්‍ය සහතික පෙන්වා රාජකාරීන්වල නොයෙදෙන හෙයින් නිරතුරුවම රාජකාරිය නිවැරදිව ඉටුකරන නිලධාරීන් අපහසුතාවට පත්වන බව මෙහිදී සාකච්ඡාවට ලක් වී ඇත.

එහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා උපදෙස් දුන්නේ, සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් සකස්කර අමාත්‍යාංශයට යොමු කරන ලෙසයි.

මෙම වසරේ විශාල පොලිස් නිලධාරීන් පිරිසක් විශ්‍රාම යන බැවින් පොලිස් නිලධාරීන් 16,000 ක පමණ පුරප්පාඩුවක් මේ වසරේ ඇති වන බව මෙහිදී පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here