Tuesday, September 24, 2024

ලොක්ඩවුන් කාලය දිර්ඝ කරනවාද ?

රට වසා තැබෙන කාල සීමාව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් විවිධ පාර්ශව රැසක් රටවසා දමන ලෙස කළ ඉල්ලීම් හමුවේ, දින 10ක කාලයක් සඳහා රට වසා දැමීමට ඉකුත් සිකුරාදා (අගෝස්තු 20) රජය කටයුතු කළේය.

ඒ අනුව, අගෝස්තු 30 වන දා දක්වා රට වසා තැබෙනු ඇත.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, රටේ පවතින වසංගත තත්ත්වය පාලනය කිරීමට නම්, තවත් දින 10කින් ඇඳිරි නීතිය දීර්ඝ කළ යුතු බවය.

ඔහු පෙන්වා දුන්නේ, වසංගතය පාලනය කිරීම සඳහා එන්නත්කරණය ප්‍රමාණවත් නොවන බවත් සංචරණ සීමා අත්‍යවශ්‍ය බවත් ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles