Wednesday, December 25, 2024

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ඉන්දියාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ඉන්දියාව තුළ හදිසි භාවිතයට අනුමැතිය ලබා දී තිබෙනවා.

මෙම එන්නත වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට සහ වැඩිහිටියන්ට එන්නත්කරණ කටයුතු සඳහා යොදාගැනීමට මෙලෙස අනුමැතිය හිමිවුණා.

සයිකොව්-ඩී (ZYCOV-D) නම් මෙම එන්නතේ මාත්‍රා 03 ක් ලබා ගත යුතු අතර, එමගින් රෝග ලක්ෂණ පහළවීම සියයට 66 කින් පමණ පහළ යන බවයි තහවුරු වී ඇත්තේ.

මෙය කොවිඩ් මර්දනය සඳහා ඉන්දියාව තුළ නිෂ්පාදනය කරන ලද දෙවන එන්නත වන අතර වාර්ෂිකව මාත්‍රා මිලියන 120ක් බැගින් නිපදවීමට තීරණය වී තිබෙනවා.

මේ දක්වා DNA එන්නත් භාවිත කරනු ලැබුවේ සත්වයන් සඳහා පමණයි.

ඉන්දියාව තුළ මේ වනවිට කොවිෂීල්ඩ් – කොවැක්සින් සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා කෝටි 57 ක් ලබාදී ඇති අතර වැඩිහිටි ජනගහණයෙන් සියයට 13 ක් පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබෙනවා.

සියයට 47 කට අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබා දී අවසන් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. (colombotimes.lk)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles