ලෝක තැපැල් දිනය අදයි.”ප්රකෘතිමත් වීම සඳහා නවෝත්පාදනය” යන්න මෙවර තේමාවයි.1874 ස්විස්ටර්ලන්තයේ දී ආරම්භ වූ විශ්ව තැපැල් වෘත්තිය සමිතිය හෙවත් යූ පී යූ සංවත්සර දිනය වන ඔක්තෝබර් 9 වැනිදා ලෝකා තැපැල් දිනය සමරනු ලබයි. ලොව පුරා අන් අයට ලිපි යැවීමේ හැකියාව හඳුන්වා දෙමින් යූ පී යූ ගෝලීය සන්නිවේදන විප්ලවය ආරම්භ විය.පළමු තැපැල් දිනය සැමරුවේ 1969 දීය.