Monday, September 23, 2024

”ලෝන් එකට කැපෙන නිසා වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නෑ” – පියල් නිශාන්ත

තමාට කොවිඩ් අරමුදල වෙනුවෙන් වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැතැයි, රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, සිය වැටුප සම්පූර්ණයෙන් බැංකු ණයක් සඳහා වෙන් කර ඇති බැවින් එලෙස වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නොමැති බවයි. ”මට කියන්න තියෙන්නෙ පැහැදිලිවම මට එහෙම වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නැහැ. මොක ද මේ පාර්ලිමේන්තුවේම තියෙන බැංකුව ලෝන් එකට කැපෙන නිසා වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නෑ

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ,  තවද තමාට ඇති ආර්ථික ශක්තිය අනුව එවැනි දෙයක් ක්‍රියාත්මක කිරීම අපහසු බවයි.

කෙසේ වෙතත් සිය හිතවතුන් කිහිප දෙනෙකු මාර්යෙන් තම වැටප මෙන් දස ගුණයක මුදලක් ලබාදීමට මේ වන විටත් කටයුතු කරගෙන යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles